Sunday, February 6, 2011

ඇරඹුම...........

දවසින් දවස අපේ ජීවිත වෙනස් වෙමින් සන්කීර්ණ වෙමින් ඔහේ ගෙවිලා යනවා. කෙනෙක් මුදල් පස්සෙ හඹා යද්දි තව කෙනෙක් කීර්තිය හඹා යනවා. නොයෙක් අය නොයෙක් දේ හඹා යද්දී, කිසියම් හෝ කෙනෙකු ඇති 'සතුට' සොයා යන......
මේ 'සතුට'ත් විවිධාකාරයි. මේ අතරින් ආත්මීය සතුටක් සොයන කෙනෙක් අනිවාර්යයෙන්ම මේ මිහිමත ඇති..........

ඔවුන් හා එක්ව 'ජීවිතය' ගැන කතිකාවතක් නිර්මාණය කරගැනීමටයි මේ සියුම්ම සියුම් උත්සහය.....

 අපි හැමෝටම තමන්ගේම කියා හිතක් තියෙනවා. ඒ හිතට එන සිතුවිලි අපි බෙදාගෙන කිසියම් වූ පොදු මතයක් හදන්නයි මගේ අරමුණ. ආරාධනා කරනවා හැමෝටම.....

ඉතින් එන්න..., අපි කතා කරමු..., ජීවිතය ගැන....අපි ගැන... ලෝකය ගැන... සුන්දර දේ ගැන....මිනිසුන් ගැන....

අපි අපේ හිත් වලට දොඩමළු වෙන්න හරිමු....

අපි ආත්මීය සතුට සොයමු......!!

මීට,
    පුoචි හිත.